ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
[ENGLISH BELOW:]
නිවන
උපධි කියන්නේ පංචස්කන්ධය. එය ඉතුරුවෙලා තියනවා රහතන් වහන්සේ ජීවත්ව ඉන්න නිසා. නමුත් කෙලෙස් නැත. ඒ සියල්ල ප්‍රහීන කරලා, නැති කරලා තියෙන්නේ. ශරීරය තියනවා. උන්වහන්සේට වේදනාව දැනෙනවා, සංඥාව හෙවත් ඇඳින ගැනීමේ ශක්තිය තියනවා. සංස්ඛාර කොටසක් තියනවා. සංස්කාර 52 යි, ඉන් සමහරක් තියනවා. මේවා දෙපනස් චෛතසික ලෙසත් හැඳින්වෙනවා. විඤ්ඤාණය තියනවා. මේ නිසා උන්වහන්සේගේ පංචස්කන්ධය ඉතුරුවෙලා තියනවා. උන්වහන්සේ යම් දවසක පංචස්කන්ධය අතහැරියොත් එබඳු අවස්ථාවට කියනවා, අනුපධිසේස නිබ්බාන ධාතු කියලා. ඉපදීම ඉන් අවසානයි.
ඔබ සැමට තෙරුවන් සරණයි!
වැඩි විස්තර:
http://theruwan.org/lipi/nivana/4/?x=7
Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!
Nibbana
‘Upadhi’ refers to the five aggregates and these remain as long as the Arahants is alive. But he has no mental defilements as he has removed all of them. He has form (rupa), can feel sensations (vedana), has the ability to identify things through perception (sanna), has some of the 52 mental formations (sankhara) and has consciousness (vinnana). So he still has the five aggregates. One day when he gives up the five aggregates [passes away] this is referred to as ‘Anupadisesa Nibbana dhatu.’ There is no more re-birth after this.
May you be happy and well!
|